කටු ඉපල් අගිස්සක
පිපුණු සුවඳැති මලෙක
කැඩුණු මල් පෙති අතර
ලියූ පෙම් සිහිනයක්
කියවා කියවා හිනැහෙයි
හැඩකාර බඹරෙක්...
ලවැලි ගං තීරයෙක
පෙම් කෙලිමින් හිරුට වැතිර,
කිඹුල් කඳුළු නොහෙලන කිඹුලියක්
තියුණු නෙත් විදහා
හොරෙන් හොරෙන් බලයි
ලඟ ඇතිදැයි වැඩකාර කිඹුලෙක්...
ගලන දිය රැළි අතර
සැඩ රැළි පහර ඉවසන්
අවලස්සන ගෙඹි කුමාරයෙක්
සිතුවිලි දිගේ දුව යයි
සිඹ සිඹ හිඳී නම් මාවත්
රාජ කුමාරිකාවක්...
No comments:
Post a Comment