මල් වත්ත පාරෙන්
මැලිබන් පටු පාර දැක්කම
හැමදාම බඩ දනවා
හුරු පුරුදු රස්සාව
හාමතේ නොතියාම
මගෙ දරුන් රකිනවා
උගුර ලේ රහ හොඳට
දැනෙනවා හැමදාම
හීන වලදී පවා මම
කෑ ගහනවා තවම
මහ පාර බදු ගන්න
පිරිමි අතරේ මමත්
නොකර ඉන්නට බැරිව
විඳිනවා හැම දුකක්
නහර පුපුරා දිනෙක
මැරෙන තුරු මේ ලෙසට
කෑගසා දුව පනිමි
පසෙකලා ගෑනු කම
මැලිබන් වීදියේ
මැගිලිනා නම් දරපු
ටයිම් කීපර් මමයි
මගෙ දරුන් පණ රකින
No comments:
Post a Comment