ඉනික්බිති
සභාතොමෝ
සතුටින්
විසිර ගියහ….
පිටකරන්නට
නොහැකි
රිදුමක්
හද ගැඹුරේ
මිහිදන් කරමින්
ඔහු එනු
එතැයි බැලූවෙමි…
අගුලු වැටුණු
දෙපා වලට
ප්‍රාණය
එක් කිරීමට
සභාවේ කිසිවෙක්
නොවූ හෙයින්
හුදකලාව
පසෙකට විසිකර
නැගී සිටි
මම
නොපැහැදිලි
චායාවක් ඔස්සේ
සිහිවිකලෙන්
දිව ගියෙමි
සතර අත
නෙත් හෙලීමි
යා යුතු
මගක් නොවූයෙන්
උන් තැනම
නතර වූවෙමි…
ඉනික්බිති
කල හැකි
දෙයක් නොවූයෙන්
සභාතොමෝ
ගිය දෙසටම
අරමුණකින්
තොරවම
ගමන් කෙරුවෙමි…..
සිටිවිලි වලටත් සතුටින් විසිරිලා යන්න දෙන්න
ReplyDeleteතුති ඔබේ අදහසට සොබාදිනී :)
ReplyDelete