Total Pageviews

Sunday, 30 August 2020

විඩාපත් තුරු වදුළු අතරට....

 විඩාපත් තුරු වදුළු අතරට

හිනාවක් නුඹ අරන් එනකොට

මළානික වූ වේශ අතහැර

සිප ගනී වියරුවෙන් බිඳ බිඳ....

වෙලාවක් නැති බැවින් අහසට

වළාවක් රඳවන්න සදහට

ආවොතින් කමක් නැත ඉඳ හිට

ආදරේ බිඳක් ගෙන තුරුලට....

කලාතුරකින් වුවත් ඉකිබිඳ

ඇති බැවින් ප්‍රේමයක් කීමට

හිස් නොකර මේ අපේ ජීවිත

හැකි විටක එන්න නුඹ හිතවත...

No comments:

Post a Comment