සිර නොකර සිතුවිලි
අනන්තෙට පියඹන්න......රාමු කර ඇති බිතේයදම් සිඳ බිඳලන්න.......සිනා වී හැකිතරම්දුරක් ඇවිදන් යන්න......කෝ නුඹේ සුරත මටසෙමෙන් අල්ලා ගන්න.....
Total Pageviews
Sunday, 30 August 2020
සිර නොකර...
විඩාපත් තුරු වදුළු අතරට....
විඩාපත් තුරු වදුළු අතරට
හිනාවක් නුඹ අරන් එනකොට
මළානික වූ වේශ අතහැර
සිප ගනී වියරුවෙන් බිඳ බිඳ....
වෙලාවක් නැති බැවින් අහසට
වළාවක් රඳවන්න සදහට
ආවොතින් කමක් නැත ඉඳ හිට
ආදරේ බිඳක් ගෙන තුරුලට....
කලාතුරකින් වුවත් ඉකිබිඳ
ඇති බැවින් ප්‍රේමයක් කීමට
හිස් නොකර මේ අපේ ජීවිත
හැකි විටක එන්න නුඹ හිතවත...
මතකයන් ඉකි ගැසූ.....
මතකයන් ඉකි ගැසූ
අඳුරු රාත්‍රීන් ගෙවුනු පසුබලාපොරොත්තුවක් නොමැතිසිනා අවැසි හවසකමැදියමක් රෑ පුරාසිත්තම් කරමි මදහසනොයනු ඇතැයි යළි කිසි දින...
ආදරේ බැව් දැන දැන....
ආදරේ බැව් දැන දැන
මොරගා කීමට සලස්සපු හැටි....
අකමැති දේම කර කර
ආදරේ උරගගා බලපු හැටි.....
මුලාවක් බව දැන දැනම
මමද එල්ලී උන්නු හැටි.....
'ආදරේම මුලාවක්' පසක්කර
නුඹ මගෙන් ඈත්වී ගියපු හැටි....
නුඹට හැකිනම් ....
නුඹට හැකිනම්
නොදොඩා හිඳින්නට
නොදොඩා හිඳින්නම්
දොඩනා තුරා....
නුඹට හැකිනම්
නොබලා හිඳින්නට
නොබලා හිඳින්නම්
බලනා තුරා....
ඉනික්බිති හැකිනම්
සිනාසී තර වෙමු
කඳුළැලි ගලා ගොස්
හදවත් අපේ සුව වෙන තුරා...
නුඹ අමුණා එවූ ...
නුඹ අමුණා එවූ අකුරු අතරේ
කියව කියවා හැඬූවෙමි හදවත.....දැවෙන බව දැන දැනම අඳුරේනැවත නැවතත් සිම්ඹෙමි පිරිපත....
සමකාසන්න හැඟීමක ....
සමකාසන්න හැඟීමකඔබ සිතන සීතල නැති බවතේරුම් කිරීමටතැත් නොකරමි....හිස බා බින්දුවටමසිහිලස විඳින හැමටමනොබා හිඳ පනා විකුණමි...නුඹ කැමති පාටමආදරේ පැහැය යැයි නම් දෙමි...නුඹ නැතිව නුඹ එක්කජීවිතේ මන්දිරය තනවමි...
සිහින දැන් නොපෙනෙන්නේ ඒකද....
දෙගිඩියාවෙන් නම් හදවත
නිදි නැති බොහෝ රෑ එළිවෙති...නුඹ ඇවිත් ගියපසු
ප්‍රීතියෙනි පෙම්වත
නිහැඬියාවකය දැන් මම....
සැනසීම කියන්නේ මේකද
සිහින දැන් නොපෙනෙන්නේ ඒකද....
මෙයැයි නම් කල හැකිනම්
මෙයැයි නම් කල හැකිනම්
නා නා විදියෙ නම් දෙමි....
මගෙයි ලං විය හැකිනම්
බදාගෙන නුඹ සිඹිමි.....
යළිත් නුඹ එනු ඇතිනම්
සිහිනයෙන් මිදෙමි.....
එතෙක් සිහිනයෙම සරමි.....