Total Pageviews

Monday, 2 November 2015

උත්සහ කරමුද බේබද්දෙක්ගෙ හදවතක් කියවන්ට...




මධු විතක් තුරුලට ගන්න
හැම පිරියෙක්ම
තවත් ගැහැණියෙක්ගෙ
තුරුලට නොයන එක
කොච්චර දෙයක්ද..

ආසාවට බොන්නෙ කවුද ?

ඔවුන්ටත් ඇති
මතට දිය කළ යුතුම පැනයක්....
විසඳුමක් සොයා ගත නොහැකි....

සමහර විට
එවැනි හදවතක
ඇවිලෙන ගින්නකට
දවන්න පුළුවන්නෙ ලෝකයම
කවුරුත් නොසිතුවාට...

"බේබද්දා.."
ලේසියි තමයි කියවන්ට..

උත්සහ කරමුද
බේබද්දෙක්ගෙ හදවතක්
කියවන්ට...

සිනිදුවට...
රහසෙන්ම හරි...

2 comments:

  1. ඒ පාර මොකද මේ බේබද්දෙක් අල්ලගෙන....

    ReplyDelete
  2. අහ්... එහෙම වෙන්න බැරිද..? :)

    ReplyDelete