සිහින
එක් කර විසිරුණු
කළේ
කිමදැයි පැදකුණු
පැතුම්
ගෙනැවිත් පිබිදුණු
කළේ
සිත මත සලකුණු
මලක
වසමින් බඹරිඳු
දෙපස
කරමින් පිණිබිඳු
තලා
මල්පෙති සුසිනිඳු
බොත්ද
කිසිදින පැණිබිඳු
ලොවට වූවත්
පරසිදු
තැවෙනු
කුමටද සකිසඳු
වේවිනම්
පෙම පිරිසිදු
සැඟව යනු
කිම කුමරිඳු
No comments:
Post a Comment