විඩාපත් තුරු වදුළු අතරට
හිනාවක් නුඹ අරන් එනකොට
මළානික වූ වේශ අතහැර
සිප ගනී වියරුවෙන් බිඳ බිඳ….
වෙලාවක් නැති බැවින් අහසට
වළාවක් රඳවන්න සදහට
ආවොතින් කමක් නැත ඉඳ හිට
ආදරේ බිඳක් ගෙන තුරුලට….
කලාතුරකින් වුවත් ඉකිබිඳ
ප්රේමයක් ඇති බැවින් කීමට
හිස් නොකර මේ අපේ ජීවිත
හැකි විටක නුඹ එන්න හිතවත…
No comments:
Post a Comment