ඉස්සරම දවසක
මයිල ගස් හෙවනක
හැන්දෑව අරගෙන
දෝතින්ම ඔබ මම
මේ දොලේ ඉවුරෙම
මතකයිද පෙම් කල වග....
පිණි වැස්ස එක්කම
පැල ගොයම හිනැහුන
ඒ අරුම උදයෙයි
ඇරඹුමේ ඈතම කෙලවර
අපි අපිට හිමි වුන
මතකයිද පෙම් කල වග.....
හීන දහසක් ගොතලම
හෙම්බත්වුනේ නොදැනිම
අතැර ඇවිදින් ගම රට
පාට රැස් නෑ ඒ හීන වල......
එතනයි අපිට වැරදුන තැන
මතකයිද අපි අපට පෙම් කල වග.....
kawi sankalpanawa hitha edila yanawa...
ReplyDeleteස්තුතියි ශාමිනී
ReplyDelete