Total Pageviews

Thursday, 31 December 2015

ඉතිං සුභපතමි...




අවසාන හුස්ම පොද
මුදා හරින්නට වා තලයට
දැන් හොඳටෝම ලඟ බව
අමතකම නෑ මට

නැවුම් පැතුමන් පොදි බැඳ
වෙනකෙක් ඒවි හෙට
මගෙන් පසුවට ඔබ හමුවට
තවත් වසරකින් ඔබව වියපත් කොට

අවසරයි සමුගන්නට
දෙදහස් පහලොව වන මට
අතිනත් ගන්නට ඉඩදී ඔබට
දෙදහස් දාසයට හෙට

ඉතිං සුභපතමි
මගේ ආදරය මුසු කොට
වේවා සුභම සුභ
වසරක් හැමෝටම
සතුට සාමය පිරී ඉතිරෙන




Wednesday, 30 December 2015

මතකයිද පෙම් කල වග....


ඉස්සරම දවසක
මයිල ගස් හෙවනක
හැන්දෑව අරගෙන
දෝතින්ම ඔබ මම
මේ දොලේ ඉවුරෙම
මතකයිද පෙම් කල වග....

පිණි වැස්ස එක්කම
පැල ගොයම හිනැහුන
ඒ අරුම උදයෙයි
ඇරඹුමේ ඈතම කෙලවර
අපි අපිට හිමි වුන
මතකයිද පෙම් කල වග.....

හීන දහසක් ගොතලම
හෙම්බත්වුනේ නොදැනිම
අතැර ඇවිදින් ගම රට
පාට රැස් නෑ ඒ හීන වල......

එතනයි අපිට වැරදුන තැන
මතකයිද අපි  අපට පෙම් කල වග.....


Monday, 21 December 2015

සේපාලිකා සවාරියෙක...



සේපාලිකා මල් සමූහයක්....
කොළඹ වටේ සවාරියක්....
කාරයක
ඩිකියක් බදාගෙන
හිනැහෙයි
හිරු රශ්මිය දරාගෙන.....

පේළියට ඇදෙන
නේක රථ වලට අත් වන වන
හැන්ඩ්සම් කොල්ලන්ට ඔමරි කර කර
ලස්සන කෙල්ලන්ටත් ඇද කර කර

සවාරියෙක උන් සිහින බල බල.....


Sunday, 20 December 2015

මගේ ආදරේ....




ඔයා ඊයෙ උන්නේ
මට ඉස්සරහින්....
අද උන්නේ 
මට පිටුපසින්.....
ඒත් මගේ ආදරේ
හැමදාකම
ඔයාට ඉස්සරහින්...

Sunday, 13 December 2015

දැන්ගෙනද නුබ....




ගිනි අරන් මම
දැවෙන වග නුඹ
දැන්ගෙනද නුබ
කඳුළු මේ තරම්

විසිර යනු පිණිස...




විසිර යනු පිණිස
ශේෂ වුණු වැහි බිඳු
සුළඟ නුඹ පැමිණෙන්න
මේ තුරු පත් මතට....

සැහැල්ලු කළ යුතුයි
තිබුණත් බරක්, හිස මත
නොපමාව, නිසි කළට
අර උදා වන හෙටට

Monday, 7 December 2015

මේ වැස්සත්




මේ වැස්සත් හරියට
ආදරේ වගේ....
හිතුණු වෙලාවක එන
කැමැති කාලයක් රැඳෙන
හිටිහැටියේම යන

පාට




එයා කැමති තද පාටට
මම කැමති ලා පාටට
ඒත් අපි පාට කරනවා ජීවිතේ 
පා පා

Thursday, 3 December 2015

හැබෑටම කවුද වැරදි... ?




මුන් හිතන්නෙ
ගල් ගහන්නෙ
ඇයට කියලා....
කස පහර
ඔහුට කියලා.....

ඔහු ,ඇය දරාගනීවි
එඩිතරව මුහුණ දේවි
මරණය පිළිගනීවි
එතනින් කෙලවර වේවි....

ඒ ඔවුන්ට
.....................................

ඇයගෙ, ඔහුගෙ
නෑ හිත මිතුරොත්
හඬා වැටේවි
දුකට පත්වේවි
එතනින් නිමා වේවි...
...................................

ඒත්
මේ මොහොතේ සිට
ඇයට ගහන
ගලක් ගලක් ගානේ
ඔහුට වදින 
කස පහරක් පහරක් ගානේ
විඳවන්න වේවි
ශ්‍රී ලංකා මවට...
ඇගේ හුස්ම හිරවේවි
ගැරහුම් ලබන්නට වේවි
කඳුලැල් හෙලාවි
මියැදෙන්නට හිතේවී...
..................................

හැබෑටම කවුද වැරදි

ගල් ගහන ඔවුන්ද
ගල් වදින මොවුන්ද
ගල් වැද හෝ මැරෙන්නට 
ඔවුන්ට පාර හදන 
වෙන කවුරුන් හරිද
............ ?


Wednesday, 2 December 2015

ඉඩෝරයකට හැකි සේම.......




ඉඩෝරයකට
හැකි සේම
ගස් වැල් මරා දමන්නට,
මහපොළව කැබැලි කරන්නට,
දිය උල්පත් සිඳ දමන්නට,
...................................
...................................
ආදරයටත් හැකියි
ඉතාම ඉතා කෙටි කාලෙකින්
ඉඩෝරයටත් වඩා කෙටි කාලෙකින්
කැබැලි කරන්නට
හදවත.....
සිඳ දමන්නට 
ආදරය.....
රැගෙන යන්නට
ජීවිතය......




Tuesday, 1 December 2015

නුඹ ....


නුඹ 
"කවියක්"
මගේ මුව'ගින්
මිමිණෙන
කිසිවෙකුත් හඳුනා නොගත්
තනුවකින්