නුඹ ඇවිත් යා යුතුමයි
හැන්දෑවේ මොහොතක්
ඇවිද යන්නට
දෑත් පටලන්
ඉස්සරම වගේ දවසක්...
එක දිගට මග බලන්
පෝලිමට බස් යනකන්
සෙනඟ අඩුවෙන්ම එන බසයක්
මතක මල් වරුසාවක්...
තේ එකක රස බල බල
ආප්පෙක වාටි හප හප
ගෙවුනු ඒ වරු ගනනම
සුන්දරයි හැම මොහොතෙම
රණ්ඩු වී හරි හරියට
කොනිති ගා රිදවු තරමට
කඳුළු ආවේ දෑසට
සතුට වැඩි වූ තරමට
ඉතිං මම මඟ බලමි
වරුෂාව දැන් නිවුනි
හිතට ඉවසුම් නොවුනි
නුඹ අද එන බැවිනි
No comments:
Post a Comment