සලකුණු
Total Pageviews
Friday 22 December 2017
හිඳිමි මං මග බලන්...
වේගයෙන් දුවන රථ
මුලා නොකරයි සිත
ඈතකින් පෙනෙන නුඹෙ රුව
මිරිඟුවක් වාගෙමයි මට..
දැන් දැන් දැන් මේ දැන්
නුඹ ඒවි සිනහවක් අරන්
නො ඉවසිල්ලෙන් පෙමින්
හිඳිමි මං මග බලන්...
නුඹ ඇවිත් යා යුතුමයි....
නුඹ ඇවිත් යා යුතුමයි
හැන්දෑවේ මොහොතක්
ඇවිද යන්නට
දෑත් පටලන්
ඉස්සරම වගේ දවසක්...
එක දිගට මග බලන්
පෝලිමට බස් යනකන්
සෙනඟ අඩුවෙන්ම එන බසයක්
මතක මල් වරුසාවක්...
තේ එකක රස බල බල
ආප්පෙක වාටි හප හප
ගෙවුනු ඒ වරු ගනනම
සුන්දරයි හැම මොහොතෙම
රණ්ඩු වී හරි හරියට
කොනිති ගා රිදවු තරමට
කඳුළු ආවේ දෑසට
සතුට වැඩි වූ තරමට
ඉතිං මම මඟ බලමි
වරුෂාව දැන් නිවුනි
හිතට ඉවසුම් නොවුනි
නුඹ අද එන බැවිනි
Wednesday 20 December 2017
තාරුකාවක්මි මම...
තාරුකාවක්මි මම
දිලි දිලී නිවෙමින්
නිවි නිවී දිලෙමින්
ඇවිද යා යුතු ඉසව්
කෑ ගසා කියන...
අඳ කඳෝකිමියෙකි නුඹ
නිවමින් එළිය කරමින්
හිතුමතේ ඔබ මොබ යන
සියළු සංවේදනා
මැ
රුවැයි
නෑසුන් කන්ව හිඳින...
Monday 11 December 2017
තවකෙකුගෙ මුවගකින්....
තවකෙකුගෙ මුවගකින්
නික්මෙනා විට වුව,
නුඹේ නම...
ආදරේ හිතෙනවා
මහ ගොඩක්...
හීනියට හිනාවක් පැන නැගී
විදුලියක වේගයෙන්
කිති කවන කල සියොලඟ එවිට,
සිනහ සී නිහඬ වනු මිස
කුමක් නම් කරන්නද මම
ගිනිගෙන ඇවිලෙනා ඇස්....
ගිනිගෙන ඇවිලෙනා ඇස්
කැරළි ගැසි දිගැති කෙස්
සියුම් විදුළි ධාරා
පැන නැගී සියොළඟ
සලිතවී හදවත...
සොයන්නෙමි
බලන්නෙමි
අතුරුදන්ව මටම මම...
ගව් ගනන් නුඹ දුර බව ....
ගව් ගනන් නුඹ දුර බව
මොහොතකට මතකයෙන් මකමි....
මදක් ගැඹුරැති ඉමිහිරිම හඬ
බදා සවනත වසමි....
සිහිනයකදී වුව
නුඹ අසම රැඳෙන්නට පතමි...
හිතවත,
නුඹ හිනැහේනම්.....
මම සැනසෙමි
ගොළුවී වදන් අහිමිව....
ගොළුවී වදන් අහිමිව
නතර වී නුඹ ළඟ හදවත
ගැහෙනවා නුඹෙ නාමයෙන්
අවසන් හුස්ම පොද දක්වම
දැන උන්නත්
නොදැන උන්නත් නුඹ එය
අදහනා ප්‍රේමයැයි
නම් තබන්නෙමි මම
ප්‍රේමයෙන් නොබැඳෙන්න...
ප්‍රේමයෙන් නොබැඳෙන්න
මාලතිය...
දැඩි සීත සේම ග්‍රීෂ්මය
දරා ගත නොහැකි තැන
ඇවිදින් යනු විනා...
නවතා ගැනීමක් ගැන නොසිතන්න
සංචාරක කුරුල්ලන් කිසිදින
වැස්සක් කියා යන්නෙම...
වැස්සක් කියා යන්නෙම
මතක හද බිතේ ඇති බව....
සුළඟක් කියා දෙන්නෙම
සුවඳක් වගේ ළඟ සිටි බව...
හුස්මක් ගන්න හැමවර
හදවත තවම දන්නෙම
පිටවන හුස්ම බර බව....
Monday 27 November 2017
ඇසිල්ලක් ඔය හදේ....
ඇසිල්ලක් ඔය හදේ ඇලවෙන්න
හාදු වැස්සක් ගෙනත් වස්සන්න
සියළු දුක් සංථාප දුරු වෙන්න
මට ඕනෙ ඇත්තටම වෙරි වෙන්න
සිහිනයක් නොවන වග සිහිවෙන්න
හීනියට මොනව හරි මුමුනන්න
ලෝකයම මදක් අමතක වෙන්න
කුමරුනේ මේ මොහොතෙ මගෙ වෙන්න
Thursday 14 September 2017
දෙකොපුල ගැටී...
දෙකොපුල ගැටී
තියුණු වූ රැවුල් කොට
හදවත කිති කැවී
සිනා නිති පැන නගී...
නො ඉවසිල්ලෙන්....
නිතරෝම ආදරෙන් හිනැහෙන
රතු රෝස මලකි නුඹ අත....
ඉල්ලා ගනිම්දැයි
නො ඉල්ලා දේදැයි
නො ඉවසිල්ලෙන් හිත.....
ලා පොද වැස්සක්ව....
ලා පොද වැස්සක්ව
නුඹ ඇවිත් යනකොට
කලාතුරකින්
කිසි බරක් නෑ හදවතට
සැහැල්ලුයි....
නොසිතනා මොහොතක
කුණාටුවක්ව ආවම
දරාගත නොහැකි තරමට
හිත බරයි...
පෙම්වත,
පෙම්වත් මතක කොනහා
හදවත නොරිද්දන්න
කුණාටුවක්ව නෑවිදින් ඉන්න
හැකි සෑම විටම
නුඹ නිහඬවම ඉන්න
නුඹ නමට පිදූ ප්‍රේමය
මරා දැමීමට ඉඩ නොතබන්න..
පෙම්වත,
සිහිනයක මම සරමි
කිසිදින අවදි නොකරන්න....
Monday 13 March 2017
වළාවක පැටළිලා...
වළාවක පැටළිලා
ගසාගෙන වගේ විත්
දෙකොපුලේ හාදු වැසි තවරනා.....
නිමාවක් නැති හීන
දේදුනැති වර්ණ කර
නෙත් මානයේ නිතර ගැවසෙනා....
ආදරෙන් චාටු බස්
නොනැවතී මුමුණමින්
සිනා පිරි මල් නිතිත් පුබුදනා....
හැබෑවට නුඹ කව්ද
කොහෙන් නම් ආවාද
සැබෑවට මගෙ හිතත් ගැස්සුනා...
Sunday 12 March 2017
හැකි තරම් දුර ....
හැකි තරම් දුර
හැකි තරම් වෙර ගෙන
ඈතින් ඈතට පාව යන්න.....
මට මියැදෙන්න......
නුඹ ඉතින් මිදෙන්න....
කොහේ සිට හෝ....
කොහේ සිට හෝ ඇවිත්
හැකි කමක් තියේ නම්
හද පුරා සෙනෙහසින්
ආදරෙන් සිප ගන්න...
හඬන මොහොතක ඇවිත්
කඳුළු බිඳු පිසදමා
නුඹේ ඔය උරහිසේ
ආදරෙන් වාරු කර
හිත හැදෙන්නට යමක් පවසන්න...
එසේ නැතිනම් ඇවිත්
අතීතෙන් හෝ අරන්
බල බලා සැනසෙන්න
හදවතේ කොටා ඇති
රූපයට වෙනස් වූ රූපයක්
මා ලඟින් තබා යන්න.....
බිඳුණු හද.....
රිසි
නොරිසි
දේ අතර
නිහඬව
බිඳුණු හද
හඹා යායුතු හීන .....
හඹා යායුතු හීන නැතුවමත් නොවේ
හති වට්ටා ගැනීම් - සිත් රිද්දා ගැනීම්
සීමා කරන් තුටින්
දුවමු අපි, ඒ හීන ඉතාම මනරම්......
නුඹ ඇවිත් හිනැහෙන.....
නුඹ ඇවිත් හිනැහෙන
හැම හීනයකම
එළිවනකන්ම මතක නිදි වැරුවා...
නුඹ නෑවිදින් බව
අමතකව හැබැහින්ම
ඒ මතක තුලම මා සැරි සැරුවා...
නුඹ එක්ක ඇවිද ගිය
හුරු පුරුදු අතීතෙක
නටබුන් තුලත් නුඹව දුටුවා...
ආදරේ යැයි ඉතින්
නොකී මුත් ආදරෙන්
ඒ ආදරේ නිති දෝර ගැලුවා...
හැමදාක නොසෙල්වී
මතකයෙන් යනු නොහී
පාදමක් නුඹ හිතේ එබුවා...
නුඹ නැතත් නුඹ නමට
ජීවිතේ තියෙන තුරු
හිත හරස් කර සෙනෙහෙ රැඳුනා...
මුණ ගැසුනත්....
මුණ ගැසුනත්
නාදුනන සුළඟක්
ඉඳ හිටෙක වෙනස් වී එන..
ආදරෙන් පිළිගෙන
කොහොම හරි සටන් කර
රැක ගන්නවාමයි තුරු
අකීකරු වුවත් පුංචි අතු...
යන්න නික්මුණු නුඹ...
යන්න නික්මුණු නුඹ
කුමට නම් තැවෙනවද
තවමත් ඉතිරිවී ඇති
ක්ෂිතිජයේ බොර පැහැය ගැන
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)