උඹලාගෙ
වගේම
මේ
මගේ ලේත් රතුයි...
හඳ
අල්ලන්ට හිතන්
ටිකක්
උඩ පැන්නට
උඹලාට
වගේ සින්නක්කර ඉඩම්
මට
ඕනි නෑ හඳෙන්...
ඉතින්
මොකටැයි
උඹලටයි
මටයි සටන් පාට
මම
බිම ඉඳන් උඩ පැන්නට
උඩ
ඉන්න උඹලා වැටුනොත් හෙම
නැති
වේවි හොයන්නට
උඹලාගේ
කටුවත්
අවසන්
ගෞරවය දක්වන්ටවත්....
No comments:
Post a Comment