Total Pageviews

Tuesday, 22 September 2015

සුහුඹුල් ප්‍රේමයක....




සුහුඹුල් ප්‍රේමයක
යටගියාවේ මතක
හදවතට තුරුළු කර
හිනැහුනෙමි ප්‍රිය සබඳ

යෞවනේ සිහින තුල
ගොතා මම නුඹෙ රුවම
දුර ඉදන් හිනැහුනෙමි
තනා මන්දිර යසට

හද ගැහෙන රාව ගෙන
පබැඳ මම නුඹ ගැනම
හිඳිමි විරසක නොවී
ඒ සිහින තුල කිමිද


සඳ ඇති රැයක.....




සඳ ඇති රැයක
තුරු පත් අතර
සැඟව වැලපෙති
රෑ බදුලු තෙම...

හදවත් දෙකක
ඇවුළුණු දුකට
සියොතුත් ගොළුව
නිහඬයි ලොව...

කඳුලක් සමඟ
තනිකම මිසෙක
නැත කිසි උරුම
නටඹුන්ව පෙම...



Monday, 14 September 2015

පෑල විය හැන්දෑවෙ අහසේ



පෑල විය හැන්දෑවෙ අහසේ
හිරු හිමින් ගමනකයි වුන්නේ
කුරුල්ලන් මං මුළා වීලා
අහන් වුන්නා හඬන සද්දේ

පොතේ අන්තිම පිටුව යන්නේ
අළුත් පොතකට සල්ලි ඕනේ
පන්තියේ ළමයින්ගෙ මැද්දේ
බැනුම් නැතිනම් තමයි අම්මේ

කුසට අහරක් නැතිව බිළිඳා
හඬයි මවු වෙත  බැල්ම රන්ඳා
දෙන්න කිරි බිඳු නොමැති හන්දා
මවු තැවෙයි නෙතු කඳුළු රන්දා

උදේ ඉඳලම පාරෙ වුන්නේ
ඉදළටයි කරගැටත් දැම්මේ
උනක් හැදිලා කරුමෙටම අද
දවස් භාගෙක පඩිය දුන්නේ

අඹු දරුන්ගේ ගිනි නිවන්නට
අකුරු කරනට සහය වන්නට
පාර අමදින පියා මිස වෙන
නැතිය පිහිටක් දිවි ගෙවන්නට


දෙනෝ දාහක් සෙනඟ මැද්දේ
අතරමං වූ මහ සෙනඟ ඇත්තේ
එදිනෙදා ජීවිතය ගොතමින්
දිවි ගෙවන්නට සටන් කරමින්


Friday, 11 September 2015

මේ මගේ ලේත් රතුයි





උඹලාගෙ වගේම
මේ මගේ ලේත් රතුයි...
හඳ අල්ලන්ට හිතන්
ටිකක් උඩ පැන්නට
උඹලාට වගේ සින්නක්කර ඉඩම්
මට ඕනි නෑ හඳෙන්...
ඉතින් මොකටැයි
උඹලටයි මටයි සටන් පාට
මම බිම ඉඳන් උඩ පැන්නට
උඩ ඉන්න උඹලා වැටුනොත් හෙම
නැති වේවි හොයන්නට
උඹලාගේ කටුවත්

අවසන් ගෞරවය දක්වන්ටවත්....

Wednesday, 9 September 2015

හුදකලාව කවර නම් මුලාවක්ද….



හුදකලාව කවර නම් මුලාවක්ද….
ආකහේ ඈතම තරු දුරට
මනෝ මන්දිර සැදිය හැකි…..
දේදුන්නේ පාට හතටත් වඩා
පාට ගා හැඩකල හැකි….
මහා මේරුවටත් වැඩි
බරක් හිසමත දැරිය හැකි….
සත් සමුදුරු තරම්
කඳුළු වැසි වැගිරිය හැකි….
හුදකලාව නම් මායාව
කවර නම් මුලාවක්ද…..
උණුහුමක් දැණුනු සැනින්
ක්ෂණයකින් පුපුරා ගොස්
ජීවිතේම උඩුයටිකුරු කරන….