Total Pageviews

Tuesday, 15 May 2018

නුඹ නෑවිදින් සිටියානම්,....



නුඹ නෑවිදින් සිටියානම්,
ඒ තරමට 
රිදුමක් නොවන්න තිබුණා
හිත් ගොළු කළ
නෙත් තෙත් කළ

සමුගැනීම්...

නිහඬ බව...




අකමැත්තට වඩා 
කැමැත්තටයි වැඩියෙන්ම බර
නිහඬ බව...
ඒ නිසයි වෙනදටත් වැඩියෙන්
නිතරෝම දැනෙන්නේ
නුඹෙඋරේ සුව...

නුඹ එතැයි නො එතැයි....




නුඹ එතැයි නො එතැයි
සිතීමම පසෙක ලමි...
හුස්ම මියෙන්නට පෙර
හුස්මක් ඇවිත් තැවරේනම්
හදවත පිරෙන්නට
කිසිවිටෙක පසු නොබමි.....
අවසර ගෙන ඉක්මනින්
හිනැහෙමින් නිවෙමි.....

හඬ ඇහෙන හැම වර....



හඬ ඇහෙන හැම වර
ගැස්සෙනව හදවත
එනමුදු නිහඬවම මම
හිඳින්නෙමි හිතවත

හීතලට රෑ යම
හීනයක වාගෙම
වෙලාගෙන සියොලඟ
මකනවා තනිකම

නොකීවට දී නද
නුඹයි ඒ ගී හඬ
හැමදාම සවනත
හීනියට නද දෙන

විඩාබර වූ දෙනෙත් ....


විඩාබර වූ දෙනෙත් මොහොතකට ගිල්වන්න
සෙනේඹර සරා සඳ ඔබ ඔහොම හිඳ ගන්න

කලාතුරකින් වුවත් ඔය සුවඳ විඳ ගන්න

හුස්ම දෙක තුනක දුර වුවත් ඇත දැනගන්න...



සිය දහස් මහ දනන් අතරෙදී වුව ඇවිත්


පිටුපසින් ආදරෙන් නුඹෙ දිගැති ගෙල සිඹිම්

හීනියට ඔය සිනිඳු සවන් පෙති මත හිතින්

හාදුවැල් සරසමී ඉනික්බිතිති මුව මතින්...

නුඹ සිනා පා කරන දෙස බලා හිනැහෙමී

වටා පිට බලන විට ඔය නුවන් ගිල ගමී

සැඳෑ යාමය නොඒනම් මැනැවි සිති සිතී
නුඹ ගැනම භාවනාවක මෙමා ඇලි ඇලී...