Total Pageviews

Monday 13 March 2017

වළාවක පැටළිලා...



වළාවක පැටළිලා
ගසාගෙන වගේ විත්
දෙකොපුලේ හාදු වැසි තවරනා.....

නිමාවක් නැති හීන
දේදුනැති වර්ණ කර
නෙත් මානයේ නිතර ගැවසෙනා....

ආදරෙන් චාටු බස්
නොනැවතී මුමුණමින්
සිනා පිරි මල් නිතිත් පුබුදනා....

හැබෑවට නුඹ කව්ද
කොහෙන් නම් ආවාද
සැබෑවට මගෙ හිතත් ගැස්සුනා...

Sunday 12 March 2017

හැකි තරම් දුර ....




හැකි තරම් දුර 
හැකි තරම් වෙර ගෙන
ඈතින් ඈතට පාව යන්න.....

මට මියැදෙන්න......
නුඹ ඉතින් මිදෙන්න....

කොහේ සිට හෝ....



කොහේ සිට හෝ ඇවිත්
හැකි කමක් තියේ නම්
හද පුරා සෙනෙහසින්
ආදරෙන් සිප ගන්න...

හඬන මොහොතක ඇවිත්
කඳුළු බිඳු පිසදමා
නුඹේ ඔය උරහිසේ 
ආදරෙන් වාරු කර
හිත හැදෙන්නට යමක් පවසන්න...

එසේ නැතිනම් ඇවිත්
අතීතෙන් හෝ අරන්
බල බලා සැනසෙන්න
හදවතේ කොටා ඇති
රූපයට වෙනස් වූ රූපයක්
මා ලඟින් තබා යන්න.....

බිඳුණු හද.....



රිසි
නොරිසි
දේ අතර
නිහඬව

බිඳුණු හද

හඹා යායුතු හීන .....




හඹා යායුතු හීන නැතුවමත් නොවේ
හති වට්ටා ගැනීම් - සිත් රිද්දා ගැනීම් 
සීමා කරන් තුටින්
දුවමු අපි, ඒ හීන ඉතාම මනරම්......

නුඹ ඇවිත් හිනැහෙන.....



නුඹ ඇවිත් හිනැහෙන
හැම හීනයකම
එළිවනකන්ම මතක නිදි වැරුවා...
නුඹ නෑවිදින් බව
අමතකව හැබැහින්ම
ඒ මතක තුලම මා සැරි සැරුවා...

නුඹ එක්ක ඇවිද ගිය
හුරු පුරුදු අතීතෙක
නටබුන් තුලත් නුඹව දුටුවා...
ආදරේ යැයි ඉතින් 
නොකී මුත් ආදරෙන්
ඒ ආදරේ නිති දෝර ගැලුවා...

හැමදාක නොසෙල්වී
මතකයෙන් යනු නොහී
පාදමක් නුඹ හිතේ එබුවා...
නුඹ නැතත් නුඹ නමට
ජීවිතේ තියෙන තුරු
හිත හරස් කර සෙනෙහෙ රැඳුනා...

මුණ ගැසුනත්....



මුණ ගැසුනත්
නාදුනන සුළඟක්
ඉඳ හිටෙක වෙනස් වී එන..
ආදරෙන් පිළිගෙන 
කොහොම හරි සටන් කර
රැක ගන්නවාමයි තුරු
අකීකරු වුවත් පුංචි අතු...

යන්න නික්මුණු නුඹ...



යන්න නික්මුණු නුඹ

කුමට නම් තැවෙනවද
තවමත් ඉතිරිවී ඇති
ක්ෂිතිජයේ බොර පැහැය ගැන