නුඹ
නාඩන් අරුන්දතී
අපි ඇඬුවට
දුක ආවට
හිත
සනසන
කෙනෙක්
නැතත්
වැරදෙනකොට
හිනා
වෙන්ට
බොහෝ
සිටී
ලොව
පුරාම
උන්ට
බැරිද
හිනානොවී
වැරෙදෙන
තැන් හදා දෙන්ට
කඳුළු
අරන් හිනා වෙන්ට
අපිට
ටිකක් උදවු වෙන්ට
අපි
වැරදියි අරුන්දතී
උන්ට
ඕනි අපේ දුකම
හිනාවකට
අරන් යන්ට
උඹයි
මායි පාගගෙන
උන්ට
ඕන ගමන යන්ට
දවසක්
අපටත් එයි නොවැ
හිනාවෙන්ට
කඳුළු පිහන්
උඹ
හිටපන් හිත ගල්කර
අහිතක්
නොහිතා උන් ගැන